Saturday, December 2, 2017

ඉස්සෝ මසාලා රයිස්



රසම රස බත් එකක්. කාලෙකින් වෙනසකට දෙයක් හැදුවේ නැති අය‍ට නම් මේක නියම රෙසිපියක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය 

*හාල් කප් 2කින් උයාගත් බාස්මති බත්
*නැට්ට හිටින්න පිට පලලා සුද්ද කරගත් ඉස්සෝ 250g
*චොප් කරගත්තු ළුණු ගෙඩියක්
*චොප් කරගත් අමුමිරිස් කරලක්
*චොප් කරගත් තක්කාලි
*තලාගත් ඉගුරු සුදුළුනු මේස හැන්දක්
*යෝගට් පුරවලා මේස හැන්දක්
*හීනියට ලියාගත් කොත්තමල්ලි කොළ හැන්දක්
*ගරම් මසාලා තේ හැන්දක්
*මිරිස් කුඩු රහ අනුව
*කහ චුට්ටක්
*සුදුරු, අබ ස්වල්පයක්
*බේ ලිව්ස් ටිකක්
*ගී මේස හැඳි 3ක් 

සාදන ආකාරය 

ගී ටික රත්වෙන්න තියලා ඒකට ළුණු ,සුදුළුනු ටික දාලා තෙම්පරාදු කරගන්න.
*ළුණු ටික විනිවිද පෙනෙන ගානට ආවාම අබ,සුදුරු,ගරම් මසාලා,මිරිස්,කහ,ලුනු දාලා කලවම් කරන් ඉස්සෝ ටික එකතු කරගන්න.
*ඉස්සෝ ටික පාට වෙනස්වෙනකම් කවලම් කර තෙම්පරාදු කරගන්න. ගින්දර සාමාන්‍ය ගානට තබා ගන්න.
*ඒකටම බේ ලිෆ්,තක්කාලි,අමුමිරිස් එක්ක යෝගට් දාගෙන කවලම් කරන වතුර මේස හැඳි දෙකක් දාලා අඩු ගින්දරේ ටික වෙලාවක් උතුරව ගන්න. දැන් ගින්දර පොඩ්ඩක් වැඩිකරගන්න.
*උතුරනකොට කොත්තමල්ලි කොළ ටික එකතුකරලා උයාගත් බත් ටික එකටම එකතු කරලා හොදට මික්ස් කරගන්න. 
* තෙත ගතිය යන්තම් තියෙද්දී ලිප නිවාගන්න. 

පිලවු රයිස්



ඔන්න දැන් රස මිහිරෙන් කියල දෙන්න හදන්නේ පිලවු රයිස් කියන රයිස් වර්ගය හදන්නේ කොහොමද කියලා.මොකක් කිවුවා?පිලවු රයිස්...!!! ඔව් ඔව් පිලවු රයිස් තමයි.නම අහලා වත් නැති උනාට කමක් නෑ.සාමාන්‍ය රයිස් එකක් වගේම තමයි ටිකක් වෙනස්.පොඩ්ඩක් බලන්නකෝ හන්න්දේ කොහොමද කියලා එහෙනම්

අවශ්‍ය දේවල් 


බාස්මති සහල් 750g
ගිතෙල් මේස හැඳි 5-6
තලාගත් කරදමුංගු(එනසාල් )ඇට 4-5
කරාබු නැටි 3-4
කුරුඳු පොතු කැබැල්ලක්
ගම්මිරිස් අට 7-8
අබ ඇට තේ හැඳි 1/2
චොප් කරගත් ළුණු ගෙඩි 4
හොඳින් තලා ගත ඉඟුරු තේ හැඳි 1/2
ලුනු (රස අනුව)
උණු වතුර (බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට)
කහ කුඩු  තේ හැඳි 3/4
බාගෙට තම්බා  ගත්  ග්‍රීන් පීස් 350g
වියළි මිඳී 100g
බැදගත් කජු 100g

සාදාගන්නා ආකාරය 


*මුලින්ම සහල් සෝදා පිරිසිඳු කර වතුර පෙරා ගන්න.
*පසුව සුදුසු භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් වෙන විට කරාබු නැටි,කරදමුංගු,කුරුඳු පොතු,ගම්මිරිස් සහ අබ අට එක කරන්න.
*දැන් එයට ඉඟුරු සහ ළුනු එක්කර මඳක් බැදෙන්න හරින්න.
*පසුව ග්‍රීන් පීස් සහ වියලි මිදී එක්කර මඳක් තෙම්පරාදු කරගන්න.
*ඉන්පසු සහල්ද එක්කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න.
*දැන් කහ කුඩු සහ රස අනුව ලුනු අවශ්‍ය ප්‍රමාණයට දමා කළවම් කරගෙන බත පිස ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්කර පිස ගන්න.
*අවසානයේදී උඩින් බැදගත් කජු ඉස උනුවෙන්ම පිළිගන්වන්න.