මොකක්ද මේ marinade එකක් කියන්නේ..?හරිම සිංහලෙන් කියනවනම් මේකට කියන සිංහල නම තමයි "පදම් මුසුව" පදම් මුසුව යන්නෙන් අදහස් කරන්නේ අපි උයන්න කලින් මස් තුනපහ අතගාල තියෙනවනේ,අන්න ඒ වගේම මස් ටිකක් රොස්ට් කරගන්න,බේක් කරගන්න මස් වල තවරගන්න මිශ්‍රණයක් ඕනිනේ. අන්න ඒ සඳහා මේ marinade භාවිතා කල හැකියි.ඉතින් ඒ මිශ්‍රණයෙන් මස් ටික පදම් කරගන්නේ කොහොමද කියලයි අපි දැන් කියල දෙන්න හදන්නේ...
අවශ්‍ය ද්‍රව්‍ය
*ඔලිව් තෙල් කෝප්ප 1/2
*ලුනු තේ හැඳි 1
*ගම්මිරිස් තේ හැඳි 1/2
*සුදුරු කුඩු තේ හැඳි 1/2
*මිරිස් කුඩු තේ හැඳි 3/4
*චුටියට කපපු සුදුළුනු ගෙඩි 2
*චුටියට කපපු ළුණු මේස හැඳි 3
*චුටියට කපපු නැවුම් පාසලි කෝප්ප 1/2
*බියර් කෝප්ප 1 1/2
සාදන ක්‍රමය
*මුලින්ම ඉඩකඩ තිබෙන භාජනයකට ඔලිව් තෙල් ටික දාගන්න.
*ඊට පස්සේ ලුනු,ගම්මිරිස්,සුදුරු,මිරිස් කුඩු එකට කලවම් කරගෙන අර ඔලිව් තෙල් එකට ගෙන මිශ්‍ර කරගන්න.
*දැන් මේ මිශ්‍රණයට සුදුළුනු ,ළුණු සහ පාසලි එකතු කරලා ගරුප්පුවක ආධාරයෙන් හොඳට කලවම් කරගන්න.
*ඊට පස්සේ මේ මිශ්‍රණයට බොහොම හෙමින් වැඩි කලබලයක් නැතුව බියර් ටික රෙකතු කර ගන්න ඕනේ.මොකද බියර් නිසා මේ මිශ්‍රණයේ පෙන සහ බුබුළු දාන්න ගන්න නිසා,පෙන ටිකයි,බුබුළු ටිකයි බැහැල ගියාම තව ටිකක් කලවම් කරගන්න.
ඔන්න අපි marinade එක හදලා ඉවරයි.දැන් අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා
මේ මරිනෙඩ් එකට ගොඩක්ම ගැලපෙන්නේ කුකුල් මස් කිවුවනේ.හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මැරිනෙඩ් කරන්න ඕනි කුකුල් මස් ටික අරගෙන තරමක ලොකු සිප්ටොප් බෑග් එකක දාලා මේ හදාගත්ත මිශ්‍රණය ඒකට වත් කරගන්න එක. ඊට පස්සේ බෑග් එක හොඳට සීල් කරලා කීප වතාවක් එහෙ මෙහෙ කරවලා මැරිනෙඩ් එක හොඳින් කුකුල් මස් වල තවර ගන්න.
දැන් මේ පයක් හෝ රෑ එළිවෙනකන් හෝ ශීතකරණයේ දමා තබන්න.මතක ඇතුව විඩෙන් විඩ මේ බෑග් එක එහෙ මෙහෙ කරන්න මේ මැරිනෙඩ් එක මස් වල හොඳින් තැවරෙන්න.ඊට පස්සේ ඔබට පුළුවන් මේ කුකුල් මස් එක ඔයාල හදන්න හිටිය කෑම එක හදාගන්න යොදාගන්නට.
.