ටී ටයිම් එකට ඇපල් කේක් එකක්
ඇපල් පළතුරක් විදිහට කනවා වුනාට ඇපල් වලින් වෙන කෑම හදන්න ගොඩක් අය දැනුවත් නෑ.ඔබ දන්නවද රහට කන්න පුළුවන් කෑම වට්ටෝරු ගණනාවක් ඇපල්වලින් හදන්න පුළුවන් වග.ඉතින් රස මිහිරෙන් මේ කියන්න හදන්නේ ඇපල් වලින් සාදාගන්නා කේක් එකක් ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 225g
දුඹුරු සීනි 260g
ඇපල් සෝස් 270ml
කුරුඳු තේ හැඳි 01
බේකින් පවුඩර් තේ හැඳි 1 3/4
වැනිලා මේස හැඳි 01
ආමන්ඩ් කිරි 120ml
ඇපල් ගෙඩි 02
බටර් 115g
සාදන ක්‍රමය
*අවන් එක 180⁰ උෂ්ණත්වයට රත් කරගන්න.
*බඳුනක් ගෙන එයට බටර්ද සීනි 130g ද දමා හොඳින් බීට් කරගන්න.
*එයටම ඇපල් සෝස්,වැනිලා,ආමන්ඩ් කිරි දමා බ්ලෙන්ඩ් කරන්න.
*තවත් බඳුනක් ගෙන එයට කුරුඳු,පිටි හා බේකින් පවුඩර් දමා කලවම් කරන්න.
*පිටි මිශ්‍රණය බටර් මිශ්‍රණයට දමා ගන්න.
*කුඩාවට කපාගත් ඇපල් කැබලි,දුඹුරු සීනි 60g එකතු කර හොඳින් කලවම් කරන්න.
*බේකින් ට්‍රේ එකට බැටරය දමා ගන්න.
*ඇපල් කැබැලි උඩින් ඉස සෙමින් ඇතුලට තද කරන්න.
*මෙය විනාඩි 20-35 පමණ බේක් කරගන්න.
No comments:
Post a Comment