Friday, November 24, 2017

සමපෝෂ කුකීස්

ඔන්න අද කියලා දෙන්න යන්නේ සමපෝෂ හරි ත්‍රිපෝෂ හරි දාලා ලේසියෙන්ම හදා ගන්න පුළුවන් බිස්කට් එකක් ගැන.අපි බලමු එහෙනම් කොමද හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය 

*සමපෝෂ හෝ ත්‍රිපෝෂ කප් 2ක්
*සීනි කෝප්ප 2 1/2ක්
*බටර් කෝප්ප 3/4ක්
*බිත්තර 2ක්
*වැනිලා ටිකක්
*පාන් පිටි කප් 2ක්
*බේකින් සෝදා තේ හැන්දක්
*බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්
*පොල් කෝප්ප 1ක්
*ලුණු ස්වල්පයක්


සාදාගන්නා ආකාරය 

*බටර් මෘදු වනතෙක් එළියෙන් තබා එයට සීනි එක්කර ක්‍රීම් වනතෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක දමමින් නැවත නැවත බීට් කරගන්න.
*පිටි වලට බේකින් පවුඩර් හා සෝදා සමග ලුණු එක්කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රණයට දමා හොදින් කලවම් කරගන්න.
*හොදින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180 වට කලින් රත් කරගත් උදුනක දමා විනාඩි 8-9ක් රන්වන් පැහැ වනතුරු බේක් කරගන්න.

No comments:

Post a Comment