රස ගුණ පිරි බනානා ජෑම්

සුබ සන්ද්‍යාවක් යහලුවනේ, අද අපි ඔබට විශේෂ ජෑම් වර්ගයක් සාදා ගන්නා ආකරය ගැන කියාදිමටයි මේ සුදානම. ගොඩක් අය කන්න කැමති පලතුරක්නේ කෙසෙල් කියන්නේ.ඉතින් අද අපි ඔබට කියා දෙන්න සුදානම් වන්නේ කෙසෙල් වලින් හදාගන්නා ජෑම් එකක් ගැන. එහෙනම් අපි බලමුකෝ කොහොමද මේක හදන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු කෙසෙල් 1kg
දෙහි ගෙඩි 03
සීනි 600g
පැණි 50ml
වතුර 600ml
දෙහි ගෙඩි 03
සීනි 600g
පැණි 50ml
වතුර 600ml
බනානා එසන්ස් තේ හැඳි 01
සාදාගන්නා ආකාරය
* කෙසෙල් සුද්ද කර කපා ගන්න.
* එයට දෙහි ඉස්ම එකතු කර වෙනම තබන්න.
* බදුනකට වතුර දමා සීනිද කවලම් කර හොදින් රත් කරගන්න.
* එයට පැණි, එසන්ස් එකතු කරගන්න.
* ගින්දර අඩුකර කපාගත් කෙසේල්ද එකතු කර විනාඩි 15 -20 පමණ රත් කරගන්න.
* ඉන්පසු ලිපෙන් බා ආහාරයට එකතු කර ගන්න.
No comments:
Post a Comment