Saturday, November 25, 2017

චිකන් කෝඩොන් බ්ලු



අවශ්‍ය ද්‍රව්‍ය 


චිකන් බ්‍රෙස්ට්
හැම්
චීස්
ලුනු
ගම්මිරිස්
බිත්තරයක්
පාන් කුඩු
තෙල්


සාදාගන්නා ආකාරය 


මුලින්ම චිකන් බ්‍රෙස්ට් එක මැදින් වෙන් නොවෙන සේ දෙකට පළාගෙන උඩින් ඉටි කොලයක් දාලා රෝලින් පින් එකකින් තලා ගන්න. එවිට එය පැතිලි වී තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වෙයි. ඉන්පසු උඩින් දැමූ ඉටිකොලය ඉවත් කොට ලුනු,ගම්මිරිස් තවරා ගන්න.ලුනු,ගමිරිස් තවරා ගත් චිකන් බ්‍රෙස්ට් එක උඩින් හැම් හා චීස් පෙත්තක් තබා දෙකට නවාගෙන වටේ රෝලින් පින් එකකින් පොඩ්ඩක් තට්ටු කරමින් සීල් කරගන්න.ඉන්පසු එය බිත්තර සාරු වල තවරාගෙන,පාන් කුඩු දවටගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්න.

No comments:

Post a Comment