Saturday, November 25, 2017

මස්කට්


අපි දැන් රස මිහිරට එකතු කරන්නේ පොඩිත්තන්  ආසම කරන කෑමක් ගැනයි. ඒ තමයි මස්කට්. දැන් අපි එහෙනම්  බලමුකෝ මේ මස්කට් හදාගන්නේ කොහොමද කියලා ...

අවශ්‍ය ද්‍රව්‍ය 


සීනි 225g
වතුර 125ml
කොන්ෆ්ලා 60g
නැවත වතුර 120ml
කුඩාවට කපාගත් කජු මද
එනසාල් ස්වල්පයක්
තෙල් 100ml
කලරින් (කැමති වර්ණයකින් )
සූදුරු බොහොම ස්වල්පයක්

සාදාගන්නා ආකාරය 


භාජනයක් ගෙන සීනි 225g හා වතුර 125ml දමා කලවම් කර,සාමාන්‍ය තරමට රත් කරන්න.
බුබුළු දමාගෙන එනවිට ලිපෙන් බා ගන්න.
කොන්ෆ්ලා 60g හා වතුර 120ml දමා හොඳින් කලවම් කරගන්න.
එම භාජනය පසෙකින් තබන්න.
කලින් සීනි,වතුර මිශ්‍රණය නැවත ලිප තබා,කොන්ෆ්ලා මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරන්න.
ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න.
ඒ වගේම හොඳින් හැඳි ගාන්න.
මෙසේ මිශ්‍රණය හොඳින් කැටි නොගැසෙන සේ හොඳින් හැඳි ගාන්න.
ඝනකම බවක් ඔයාලගේ අතට දැනේවි.එවිට ලිප වහන්න.
නැවත ලිප දල්වා ගින්දර හොඳටම අඩු කරගන්න.
තෙල් ටික බැගින් මිශ්‍රණයට දමමින් හොඳින් කලවම් කරන්න.
දැන් එනසාල්,කජු,සූදුරු ස්වල්පයක් හා ඔබ කැමති වර්ණ දමා හොඳින් කලවම් කරගන්න.
ජෙලි වගේ පදමක් අතට දැනෙයි.
තෙල් තවරන ලද කෙසෙල් කොලයක් අරගෙන හොඳින් තුනී කර කෑලි කපාගන්න. 

No comments:

Post a Comment