සුබ උදෑසනක් යාලුවනේ. අපි අදත් රස මිහිරෙන් අලුත් කෑමක් ගැන කියලා දෙන්නයි හදන්නේ. එහෙනම් බලමු මොකක්ද මේ කෑම කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
*රොස්ට් කරගත් අමු රටකජු
*අයිසින් සීනි
*මාශ්මෙලෝ
*බටර්
සාදන ක්‍රමය
රටකජු වලින් කොටසක් බටර් එක්කර මෘදු පේස්ට් එකක් වනතුරු ග්‍රයින්ඩ් කරගෙන එයට රස අනුව අයිසින් සීනි එකතු කරන්න. ඉතිරි කොටස තරමක් කෑලි සිටින ලෙස ග්‍රයින්ඩ් කරගන්න. මාශ්මෙලෝ කෑල්ලක් මැදට සිටිනසේ රටකජු පේස්ට් එකෙන් ආවරණය කර බෝලයක් සාදා ගන්න. කැබිලි සිටින්න අඹරා රටකජු උඩින් දවටා කෑමට ගන්න තුරු ශීතකරණයේ තබන්න.
No comments:
Post a Comment