Friday, November 24, 2017

මිනි පීසා


ඔන්න දැන් අපි කියලා දෙන්න යන්නේ රසම රස මිනි පීසා හදාගන්නේ කොහොමද කියලා.බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය 

*පාන් පිටි 650g
*යීස්ට් තේ හැඳි 2ක්
*සීනි තේ හැඳි 2ක්
*වතුර කෝප්ප 1/2ක්
*තවත් වතුර කෝප්ප 1 3/4ක්
*ඔලිවූ තෙල් මේස හැඳි 2ක්
*ලුණු තේ හැඳි 1 1/2ක්
*තක්කාලි පුරි කෝප්ප 1ක්
*රතු බෙල් පේපර් 1ක්
*කහ බෙල් පේපර් 1ක්
*බ්ලැක් ඔලිවූ 20ක් පමණ
*ලොකු ළුණු ගෙඩියක්
*පොඩි සොසේජස් පැකට් 1ක්
*චීස් 250g


සාදාගන්නා ආකාරය 

*මුලින්ම යීස්ට් හා සීනි මඳ රස්නයෙන් යුතු වතුර කෝප්ප 1/2කට කවලම් කර විනාඩි 10-15ක් පමණ පැත්තකින් තියලා පිපෙන්නට හරින්න.
*ඊට පස්සේ පාන් පිටි වලට 4ඒ ඊස්ට් මිශ්‍රණයයි, ඔලිවූ තෙල්, ලුණු හා වතුර කවලම් කරමින් හොදින් අනාගන්න ඕනේ. පිටි බෝලයක් වන තුරු අනාගන්න. 
*ඊට පසු පැයක් පමණ පිපෙන්නට හරින්න.
*ඉන්පසු ඒ පිටි බෝලය කඩලා කුඩා බෝල කිහිපයක් සාදාගන්න.
*දැන් පීසා බේක් කරගන්න අවන් එකට දාන්න පුළුවන් තැටියක් අරගෙන තැටිය මත ඔලිවූ තෙල් තවරාගන්න.
*ඉන්පසුව පොඩි පිටි බෝල අරගෙන තැටිය මත තියලා රොටියක් වගේ තුනී කරගන්න.(ගොඩක් තුනී කරන්න එපා)
*ඉන්පසුව ඒ මතට තක්කාලි පුරි දමාගන්න.
*ඊට පස්සේ එකට උඩින් බෙල් පේපර් දමාගන්න.
*පසුව සොසේජස් දමාගන්න.
*දැන් බ්ලැක් ඔලිවූ හා ලුණු දමා අන්තිමට චීස් ඉසින්න.
*මෙය තව පැය 1/2ක් තබා, සෙල්සියස් අංශක 350 උෂ්ණත්වයට කලින් රත්කළ අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.

No comments:

Post a Comment