Saturday, November 25, 2017

චීස් ආප්ප


අවශ්‍ය ද්‍රව්‍ය 


කැකුළු හාල් කෝප්ප 2ක්
වෙලුනු පොල් ගෙඩියක් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක්
සීනි මේස හැඳි 1
යිස්ට් තේ හැඳි 1/2
චීස් ස්ලයිස් කිහිපයක්
ගම්මිරිස් කුඩු ටිකක්

සකස් කරගන්නා ආකාරය 


*කැකුළු හාල් කෝප්ප 2ක් ගෙන පැය 4ක් ඇල් වතුරේ පොගවා ගන්න.
*වෙලුනු පොල් ගෙඩියෙන් ගා ගත් කිරි කෝප්ප 2න් එකක් දැන් පාවිච්චියට හා අනෙක ආප්ප හදන විට ගන්න වෙන් කරගන්න.
*වතුර බේරා ගත් කැකුළු හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා පොල් කිරි ටික ටික දමමිමන් කොටා ගන්න.එයට සීනි,යිස්ට් දමා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
*මෙය එක රාත්‍රියක් තබා පසුවදා අනෙක් පොල් කිරි කෝප්පය මිශ්‍ර කරන්න.එය මිශ්‍ර කරන විට එකපාර නොදා ටිකෙන් ටික දාන්න.
*තමන්ට ඕනේ ප්‍රමාණයට පදම ආවාම කිරි දමන එක නතර කරන්න.ආප්පය තාච්චියට දමා බාගෙට තම්බීගෙන එන විට චීස් ස්ලියිස් එකක් ආප්පය මැදට දමන්න.එයට උඩින් ලුණු ස්වල්පයක් ද දමන්න. 

No comments:

Post a Comment