කේක් ස්ට්‍රක්චර්ස් හදන අයට නැතිවම බැරි ෆොන්ඩන්ට් අයිසින්
කේක් වර්ග කවර් කිරීම සඳහාත්, නොයෙක් ආකාරයේ මල් වර්ග දමා හැඩ කිරීමටත් යොදා ගන්නා ෆොන්ඩන්ට් අයිසින්, කේක් ආකෘති සෑදීමටද සුවිශේෂිව යොදා ගන්නවා.
නිවැරැදි පදමට සකසාගත යුතු, වැරදී ගියහොත් ඉරිතලා යන ෆොන්ඩන්ට් අයිසින් නිවැරදිව සදා ගන්නා ආකාරය ගැනත්, නියම ප්‍රමිතියට අනුව සාදන විට සිතට ගත යුතු වැදගත් කරුණු ගැනත් අපි මෙසේ දැනුවත් වෙමු.
*ජෙලටීන් මේස හැඳි 2ක්
*උණු වතුර මේස හැඳි 9ක්
*ලික්විඩ් ග්ලුකෝස් මේස හැඳි 2ක්
*ග්ලිසරින් තේ හැඳි 1ක්
*අයිසින් සීනි කිලෝ ග්‍රෑම් 1ක් පමණ
*එසන්ස් තේ හැඳි බාගයක්
සාදන ක්‍රමය
පළමුවෙන් ජෙලටීන් ප්‍රමාණය ගෙන බඳුනකට දමා එයට උණු වතුර ටික ටික දමමින් දියකර ගන්න(ජෙලටීන් දිය කරන බඳුන උණු වතුර බඳුනක බහාලීම සුදුසුය.)
හොඳින් දිය වූ පසු එයට ලික්විඩ් ග්ලුකොස්ද එක්කර නැවතත් හොඳින් දියකර එසන්ස්ද මිශ්‍ර කර ගන්න.එයට පසුව හලාගත් ඉයිසින් සීනිද දමා නැවතත් හොඳින් අනාගන්න.
සියල්ල එක්කර හොඳින් අනාගත් අයිසින් මිශ්‍රණය අතේ ඇලෙන නොඇලෙන පදමට තිබේ නම් එය නිවැරදි පදමයි.
ඉන්පසු අයිසින් සීනි ඉසගත් ලෑල්ලක් මත තබා ෆොන්ඩන්ට් අයිසින් ගුලිය තුනී කර ගන්න.
ෆොන්ඩන්ට් අයිසින් සැදීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු
ප්‍රමිතියෙන් යුතු ලික්විඩ් ග්ලුකෝස් අයිසින් මිශ්‍රණය තනන විට එක් කිරීම අනිවාර්ය වෙනවා. එලෙස ලික්විඩ් ග්ලුකෝස් එක් කිරීමෙන් කේක් එක කවර් කරන විට අවශ්‍ය වන මෘදු නම්‍යශීලි ස්වභාවය වඩාත් තීව්ර කරනවා. එලෙසම ලික්විඩ් ග්ලුකෝස් වර්ගය තෝරා ගැනීමේදී ද හොඳ ප්‍රමිතියෙන් යුතු තරමක් වැක් කෙරෙන ගනව සිරප් එකක් ආකාරයට තිබෙන ස්වභාවයට ගත යුතු බව මතක තබා ගන්න.
ෆොන්ඩන්ට් ඩ්‍රයි කරන ග්ලසරින්
කේක් සැදීමේදී භාවිතයට ගන්නා ග්ලසරින් ෆොන්ඩන්ට් අයිසින් සකසන විට අනිවාර්ය වෙනවා.ග්ලසරින් එක්කරලීමෙන් ෆොන්ඩන්ට් අයිසින් එක හොඳින් ඝන වන බැවින් දියවී යන ස්වභාවය වළකිනවා. බොහෝවිට ග්ලසරින් වැසි දිනවලට අවශ්‍ය නොවේ.තද අව් රශ්මිය තිබෙන අවස්ථාවකට පමණක් භාවිතයට ගන්න. එයද හොඳ වර්ගයක් අනුව තෝරා ගන්න.
කෝන් ෆ්ලවර් වෙනුවට අයිසින් සීනි
සකසා ගත් ෆොන්ඩන්ට් අයිසින් ගුලිය ලෑල්ල මත තබා තුනී කරන විට ඒ මතට කොන් ෆ්ලවර් වෙනුවට අයිසින් සීනි භාවිතයට ගැනීම වඩා සුදුසුයි.එයට හේතුව වන්නේ කෝන් ෆ්ලවර් මත තුනී කරන විට ෆොන්ඩන්ට් අයිසින් අවරණයෙහි සුදු පල්ලම් වැනි පෙනුමක් ඇති වීම.
කළු,තද නිල් හෝ රතු පාට වැනි ෆොන්ඩන්ට් අයිසින් තනන විට මෙය වඩා ඉස්මතු වන බැවින් අයිසින් සීනි තෝරා ගැනීම තමයි වඩා හොඳ තීරණය.
සුවිශේෂී රසට එසන්ස්
ෆොන්ඩන්ට් අයිසින් රස ගැනීමට එසන්ස්වලින් ලැබෙන දායකත්වය විශේෂ වෙයි.නමුත් එසන්ස් වර්ගය සැර සහිත සුවඳකට හෝ රසයකට තෝරා ගැනීම අයිසින් මිශ්රනයෙහි යම් නීරස බවක් ඇති වීමට හේතු වන නිසා ඒ සඳහා සුදුසු එසන්ස් මොනවාදැයි වර්ග කර ගැනීම.වැදගත් වෙනවා.
නත්තල් කේක් සහ වෙඩින් කේක් අයිසින් කිරීම සඳහා භාවිතයට ගන්නා ආමන්ඩ් එසන්ස් සහ රෝස එසන්ස් ෆොන්ඩන්ට් අයිසින් සඳහා ඉතාම නුසුදුසු බව මතක තබා ගන්න. මෙහිදී බනානා,පයිනැපල් සහ ස්ට්‍රෝබෙරි එසන්ස් වර්ග ෆොන්ඩන්ට් අයිසින් රස කිරීමට වඩාත් සුදුසුයි.
කල් තබා ගැනීමේදී
සකසා ගත් ෆොන්ඩන්ට් අයිසින් මිශ්‍රණය මදක් ඉතිරි වුවහොත් සහ එය වෙනත් අවශ්‍යතාවයක් සඳහා ගත හැකි ආකාරයට මදක් වැඩි වශයෙන් තනා ගන්නේ නම් නැවත පාවිච්චියට ගැනීම සඳහා ආවරණය කොට තැබිය යුතුයි. ආවරණය කිරීම සඳහා තරමක් ගනකම තිබෙන සෙලොෆෙන් එකක් භාවිතයට ගන්න.හොඳින් ආවරණය වන සේ තැබූ ෆොන්ඩන්ට් අයිසින් මිශ්‍රණය එළියේ තැබීමෙන් දවස් 3ක් , ශීතකරණයේ තැබීමෙන් පසු සතියක කාලයක් ඇතුලතත් නරක් නොවන ආකාරයට පාවිච්චියට ගත හැකියි.
No comments:
Post a Comment