Wednesday, November 22, 2017

රහට අයිස්ක්‍රීම් හදන ලේසිම ක්‍රමය මෙන්න

අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.

කෝලා අයිස්ක්‍රීම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

   *හෙවී ක්‍රීම් 500ml 
   *සීනි 200g 
   *කෝලා වර්ගයක් 
   *කලරින් අවශ්‍ය පමණට
   *අයිස් කැට ස්වල්පයක් 
   *ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය


 *හෙවී ක්‍රීම් හා සීනි හොදට බීට් කරගන්න.කෝලා බෝතලයේ මුඩිය ඉවත් කර එහි සැර ඉවත් වෙනතුරු     තබන්න. හෙවී ක්‍රීම් මිශ්‍රණයට කෝලා එකතු කරන්න.
 *එය විනාඩි 20ක් පමණ තබන්න.කලරින් එකතු කර කවලම් කරන්න.
 *විශාල හා කුඩා බදුන් දෙකක් ගන්න.කුඩා බදුනට මිශ්‍රණය දමන්න.විශාල බදුනේ පතුලට ලුණු කවලම් කල   අයිස් කැට දමන්න.
 *කුඩා බදුන ඒ තුලින් තබන්න. මෙම බදුන් දෙකම වැසෙන පරිදි වසා තබන්න.(විනාඩි 20ක් පමණ) ඉන්පසු   කුඩා බදුන ගෙන විනාඩි 15ක් පමණ අධි ශීතකරණයේ තබන්න.  
 * ඉන්පසු පිළිගන්වන්න.
   

1 comment: