ඔන්න යාලුවනේ එහෙනම් අපි දැන් තවත් අලුත් කෑමක් සදීමටයි මේ සැරසෙන්නේ. අපි හදමු ගාලික් බ්‍රෙඩ් එකක්. ඔයාලත් ආස කෑමක් නේද...?
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 500g
සුදුළුනු 40g
බටර් 50g
සීනී 50g
යීස්ට් 10g
කිරිපිටි 8g
ලුණු 8g
බිත්තර 01
වතුර අඬුකෝප්ප එකයි තුන් කාලක් පමණ
අමතර බටර් මේස හැන්දක්
සාදන ක්‍රමය
මුලින්ම බටර් දමා චොප් කරගත් සුදුළුනු ටික මදක් පිසගෙන පසෙකින් තබන්න.ඉන්පසු භාජනයක් ගෙන පිටි,සීනි,කිරිපිටි,යීස්ට්,බටර්,සුදුළුනු,බිත්තර
සහ ලුණු ද දමා කලවම් කරගන්න.ඉන්පසු වතුර දමා විනාඩි 10ක් හොඳින් අනාගන්න.විනාඩි 10කට පසු හොඳින් බටර් තැවරූ තැටිය මත දික් අතට සකසා ගත් පිටි ම්ක්ස් එක තබා විනාඩි 30ක් පිපෙන්නට හරින්න.උඩින් බිත්තර සාරු තවරා ගන්න.දැන් සෙල්සියස් 165 රස්නයෙන් විනාඩි 10ක් කලින් රත් කරගත් අවන් එකේ විනාඩි 25-30 පුළුස්සා ගැනීම ප්‍රමාණවත් වේ.
No comments:
Post a Comment