අපි බලමු සැමන් හා චීස් සෝස් පැස්ටා හදන්නේ කොමද කියලා. මේක බේක් කරලා වගේම නිකනුත් කෑමට ගන්න පුළුවන්. සැමන් වලට අකමැති කෙනෙකුට ඒ වෙනුවට ආදේශක භාවිතා කිරීමට පුළුවන්.බලමුකෝ එනම් කෝමද හදන්නේ කියලා.
අවශ්‍ය දේවල්
* සැමන් ටින් එකක්.*ක්‍රීම් චීස් කැබලි 2-3ක් (හැපි කවු, කොත්මලේ වුනත් කමක් නැ)
* නැවුම් කිරි කෝප්ප 2ක්
*තිරිගු පිටි පුරවලා මේස හැඳි 1ක්
*ලුණු චුට්ටක්
*ගම්මිරිස් චුට්ටක්
*චුටියට කපාගත් අමු මිරිස් කරලක්
*චුටියට කපාගත් ලොකු ළුනු ගෙඩියක්
*චුටියට කපාගත් සුදුලුනු බික් 2-3ක්
*තෙල් මේස හැන්දක්
*කැමති ජාතියක පැස්ටා 200g
*මාගරින් තේ හැන්දක්
*ත්යිම්ස්,රෝස්මරි චුට්ටක් (තියෙනවනම් විතරක්)
බේක් කරන්න කැමති අයට විතරක්
*හීනියට ගාගත් මොසරැල්ලා චීස් මේස හැඳි 5-6ක්*බිස්කට් කුඩු මේස හැඳි 5-6ක්
සාදාගන්නා ආකාරය
*පැකට් එකේ තියෙන විදිහට පැස්ටා ටික තම්බා ගන්න.(එහෙම තම්බා ගන්නකොට මාජරින් තේ හැන්දක් දමන්න)*පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2ක් දාලා සුදුලුනු, ලොකු ලුණු, අමු මිරිස් තෙම්පරාදු කරගන්න.
*එයට නැවුම් කිරි ටික දාලා හොදට හැඳි ගාන්න.
*දැන් ඒ කිරි එකට කරීම් චීස් දාලා හොදට හැඳි ගාන්න.
*චීස් ටික දිය වූ පසු තිරිගු පිටි ටික එකතු කරන්න.කැටි නොගැසෙන ලෙස හොදට හැඳි ගාන්න.
*ඊලගට රස අනුව ලුණු, ගම්මිරිස් දමන්න.
*මිශ්‍රණය බුබුළු දාගෙන එනකොට තයිමස්, රෝස්මරි දාලා විනාඩි 2-3ක් හැඳි ගාන්න.
*මිශ්‍රණය කරීම් එකක පදමට එනකොට චීස් සෝස් එක හරි.
*දැන් පොඩි කරගත් සැමන් ටික චීස් සෝස් එකට කවලම් කරන්න.ගොඩක් තදින් හැඳි ගාන්න එපා.
*විනාඩියක් විතර ලිපේ තියලා ඉන්පසුව බා ගන්න.
*දැන් තම්බා ගත් පැස්ටා ටික චීස් සෝස් එකට කවලම් කරගන්න.
බේක් කරලා කන්න කැතිම අයට
*අවන් එක විනාඩි 10ක් රත් වෙන්න තියනන.(සෙල්සියස් 200ට)*අවන් එකට දාන්න පුළුවන් ඝාජනයක් ගෙන එයට පැස්ටා ටික දාන්න.
*උඩින් මොසරැල්ලා චීස් ටික දමන්න.
*බිස්කට් කුඩුත් දමන්න.
*දැන් විනාඩි 10ක් බේක් කරගන්න.
No comments:
Post a Comment