ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කූල්ම කූල් චොකලට් ඩ්‍රින්ක් එකක් හදාගන්න විදිහ ගැනයි.බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියල...
අවශ්‍ය ද්‍රව්‍ය :
ෆ්‍රෙෂ් මිල්ක් කප් 6ක්චොක්ලට් පවුඩර් මේස හැඳි 2ක්
කුකින් චොක්ලට් 200g
සීනි රස අනුව
වතුර කෝප්ප 1/2
මින්චි කොළ අහුරක්
වෙනම වතුර කප් 3ක්
සාදාගන්නා ආකාරය
*වතුර කප් 3ට මින්චි කොළ අතින් පොඩි කර එක්කර අයිස් කැට හදාගන්න.ට්‍රේ එකකට දාල ෆිජ් එකට ගෙන අයිස් කැට හදාගන්න.
*වතුර,සීනි,කුකින් චොක්ලට් හා චොක්ලට් පවුඩර් එකට දමා ඩබල් බොයිල් කරගන්න.
*චොක්ලට් දියවීගෙන එන විට එයට කිරි දමා හොඳින් මිශ්‍ර කර පෙරා ගන්න.
*නිවෙන්නට හැර ශිත කරගන්න.එයට මින්ට් අයිස් කියුබ් දමා පිළිගන්වන්න.
No comments:
Post a Comment