Wednesday, November 22, 2017

චොක්ලට් මූස්




චොක්ලට් රසයට ප්‍රිය කරන ඔයාලට රසවත් චොක්ලට් මුස් එකක් හදන විදිහ කියලා දෙන්නයි රස මිහිරෙන් මේ සුදානම් වෙන්නේ.මෙය ඉතා පහසුවෙන් සැදීමට හැකි පානයකි. ගෙදරට අමුත්තෙක් ආ විට පිළිගැන්වීමටද මෙය කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය 


කුකින් ක්‍රීම් 250ml
ග්ලුකෝස් 100g
වැනිලා එසන්ස් මේස හැඳි 4
ඩාර්ක් චොක්ලට් 180g
විපින් ක්‍රීම් 225ml

සාදන ක්‍රමය 


*කුකින් ක්‍රීම්,වැනිලා එසන්ස් හා ඩාර්ක් චොක්ලට් බඳුනකට දමා බොයිල් කරගන්න..
*ඉන්පසු එයට ග්ලුකෝස් එකතු කරන්න.
*මෙය ලිපෙන් බා නිවෙන්නට තබන්න.
*විපින් ක්‍රීම් වෙනත් බඳුනකට දමා බීට් කරගන්න.
*එයට චොක්ලට් මිශ්‍රණය එකතු කරන්න.
*ඉන්පසු එය පයිපින් බෑගයකට දමා එමගින් බඳුනකට දමන්න.
*ටික වෙලාවක් ශීතකරණයේ තබාගන්න.
*ගානිෂ් කිරීමට කජු හා සීනි බඳුනක තබා රත් කරගන්න.සීනි උණුවන විට ලිපෙන් බා කුඩාවට පොඩිකර චොක්ලට් මුස් එක උඩින් ඉසින්න

No comments:

Post a Comment