Wednesday, November 22, 2017

කුකුල් මස් ෆන්ගර්

කඩල පිටි දාලා ගැඹුරු තෙලේ බැදලා හදන කුකුල් මස් ෆන්ගර් 



 කුකුල් මස් කියන්නේ ගොඩක් අය කෑමට ප්‍රිය කරන ආහාරයක්.හැමදාම එකම විදිහට චිකන් කනකොටත් වෙනසක් නැනේ. ඉතින් රස මිහිරෙන් ඔබට චිකන් වලින් සාදන තවත් කෑමක් ගැන කියන්නයි මේ සුදානම් වෙන්නේ.....

අවශ්‍ය ද්‍රව්‍ය 


හීනියට කපාගත් කුකුල් මස් 500g
කඩල පිටි 100g
හාල් පිටි 50g .
පදමට ලුනු,ගම්බිරිස්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
අම්බරාගත් ඉගුරු, සුදුළුණු 10g
බැද ගැනීමට තෙල්
බිත්තර 1ක්

සාදන ක්‍රමය 


කුකුල් මස් වලට ලුනු,ගම්බිරිස්,බිත්තර,ඉගුරු,සුදුළුණු දමා සීසන් කරගන්න.ඉන්පසුව මෙය  කඩල පිටි සහ හාල් පිටි දමා හොඳින් කලවම් කරගෙන රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.

No comments:

Post a Comment