Wednesday, November 29, 2017

ටිකක් වෙනස් විදිහට බිත්තර වලින් ඔම්ලට් එකක් හදමු





අවශ්‍ය ද්‍රව්‍ය 


*සිහින්ව පෙති කපා ගත් අල ගෙඩි 2ක්.
* බිත්තර 4ක්
*රස අනුව ලුනු සහ ගම්මිරිස් .
*අට ඉවත් කරලා පොඩියට කපාගත් තක්කාලි ගෙඩියක්
*සිහින්ව කපාගත් ළුණු කොළ ටිකක්
*සිහින්ව පෙති කපාගත් ළුණු ගෙඩියක්
*තෙල් මේස හැඳි 4ක්

සාදන ආකාරය 


*තෙල් ටික රත් වෙන්න හැර අල පෙති ඒ මතින් තබා ලුණු සහ ගම්මිරිස් ඉස අල රන්වන් පැහැ වනතුරු දෙපැත්තම බැදගන්න.
*අල බැදුණු පසු එයට ළුණු එක්කර ළුණු ටිකත් රන්වන් පැහැ වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
*බිත්තර වලට රස අනුව ලුනු සහ ගම්මිරිස් එක්කර බීට් කරගෙන එය පෑන් එක මත ඇති අල සහ ළුණු මිශ්‍රණයට එක් කරගන්න.
*එයට උඩින් තක්කාලි සහ ළුණු කොළ ටික දමා ගන්න.
*ඔම්ලට් එකේ යට කොටස පිසුණු පසු ප්‍රවේසමෙන් අනිත් පැත්ත හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.

No comments:

Post a Comment