අවශ්‍ය ද්‍රව්‍ය
*චිකන් බ්‍රෙස්ට් 1/2ක් (කැබලි දෙකක් ලෙස මැදින් කපාගත්)*ලෙමන් ගෙඩියක් (රවුමට පෙති කපාගත්)
*ලෙමන් උෂ 1 1/2
*සුදුළුනු මේස හැන්දක් (තලාගත්)
*දිය උණු බටර් මේස හැඳි 3ක්
*ලුනු තේ හැඳි 1/2
*ගම්මිරිස් ස්වල්පයක්
*කැරට් අලයක් හා අර්තාපල් අලයක් (කපාගත් කැමතිනම් පමණක්)
සාදාගන්නා ආකාරය
*අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 200ක් ලෙස සකස් කරගන්න.*අවන් එකේ දාගන්න පුළුවන් තැටියක් ගෙන එකට බේකින් ෂිට් එකක් දමන්න.නැත්නම් වැඩියෙන් බටර් ගාන්න.
*චිකන් බ්‍රෙස්ට් එකට සුදුළුනු,ලුනු,ගම්මිරිස් හා ලෙමන් යුෂ දමා හොදින් අතගා තැටියට දාන්න.
*චිකන් බ්‍රෙස්ට් කොටස් දෙකට යටින් රවුමට කපාගත් ලෙමන් පෙති තබන්න.
*දිය වූ බටර් චිකන් එකට උඩින් දමන්න.
*කැරට් හා අර්තාපල් කැබලි බේකින් තැටියේ ඉඩ තිබෙන තැන්වලින් තබන්න.
*දැන් තැටිය අවන් එකට දමා විනාඩි 40ක් බේක් කරගන්න.
No comments:
Post a Comment