Tuesday, November 28, 2017

ක්‍රීම් චීස් සහ මිශ්‍ර පළතුරු බටර් කේක්






පළතුරු කෑලි හැපෙන රසම රස බටර් කේක් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය


*බටර් 125g
*ක්‍රීම් චීස් 125g
*සීනි 185g
*බිත්තර 3
*පාන්පිටි 200g
*බේකින් පවුඩර් තේ හැඳි 1
*කජු 75g
*වියලි මිදී 50g
*පලතුරු කැබලි 50g
*වියලි චෙරි 50g

සාදාගන්නා ආකාරය

*මුලින්ම පාන්පිටි එක්ක බේකින් පවුඩර් කලවම් කරන් පෙනේරෙකින් හොදට දෙතුන් පාරක් හලාගන්න.
*පස්සේ භාජනයකට බටර්, ක්‍රීම් චීස් හා සීනි දා ගෙන හොදට බිට් කරන්න.
*දැන් එක සැරයකට 1 බිත්තරය ගානේ එකතු කරන් හොඳට බීට් කරන්න.
*ඊට පස්සේ පලතුරු ටික පොඩි කෑලි වලට කපලා එකටම කලින් හලා ගත්ත පාන් පිටි වලින් පොඩ්ඩක් දාලා පලතුරු වල පිටි දැවටෙන විදිහට හොඳට කලවම් කර ගන්න ඕනේ.
*ඊළගට කලින් බීට් කර ගත්ත මිශ්‍රණයට පිටි ටික එක්ක පලතුර්ය් ටික දාලා හඬකින් පෙරලමින් පිටි කැටි හිටින්නේ නැති වෙන්න කලවම් කරන්න.
*අන්තිමට බටර් ගා ගෙන පිටි ටිකක් ඉහ ගත්ත කේක් ටින් එකකට මිශ්‍රණය දා ගෙන කලින් සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයට රත් කර ගත අවන් එකක විනාඩි 45ක් පමණ බේක්  කර ගන්න.
*ඉන්පසුව නිවෙන්න හැරලා රස බලන්න තමයි තියෙන්නේ.

No comments:

Post a Comment